මහනුවර පෙරහැර මංගල්‍යය දිය කැපීමෙන් අවසන් වේ

මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය ඊයේ (31) ගැටඹේ දිය කැපීමේ තොටුපළේදී පුරාණ චාරිත්‍රානුකූලව සිදුකෙරිණි. අවසන් රන්දෝලි මහා පෙරහැර නිමවීමෙන් පසු සතර මහා දේවාල පෙරහර ගැටඹේ දිය කැපීමේ තොටුපළ වෙත ගොස් මහවැලියේ පෙරහැර මංගල්‍යය ආරම්භ වූ අවස්ථාවේ සතර දේවාලවල රෝපණය කරන ලද කප් ගස් උඩට යවා දිය කැපීමේ මංගල්‍යය සිදු කරයි.

සතර දේවාල ප්‍රමුඛ නිලධාරීහු ඔරුවකින් මහවැලි ගඟ මැදට ගොස් ජලය කපා එක්රැස් කරගත් ජලය බඳුනක තබා ඉදිරි වසර පෙරහැර මංගල්‍යය අවසන් වනතුරු චාරිත්‍රය ඉටු කිරීම අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායකි.

දිය කැපීමේ චාරිත්‍රය සිදුකරන විට එය දැක බලා ගැනීමට අතිවිශාල ජනකායක් එම ස්ථානයට එක්රොක් වන අතර ගඟේ පාවෙන කප් ගස් ගොවිබිම්වල සිටුවීමෙන් ජලය ලබා ගත හැකි බවට ජනතාව තුළ විශ්වාසයක් පවතී. හොඳ අස්වැන්නක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *