මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ කුඹල් පෙරහැරේ දෙවන දිනයේදී විෂ්ණු දේවාලයේ අලි ඇතුන් දෙදෙනකු පහරදීමෙන් කාන්තාවක් අද තුවාල ලබා තිබේ.
එම අලි දෙදෙනා ප්‍රචණ්ඩත්වයට පත්වීමෙන් අනතුරුව ඉදිරියට පැමිණි අතර ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට අයත් තවත් අලි දෙදෙනෙකු ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබෙනවා.
දළදා මාලිගාවට අයත් අලි ඇතුන් දෙදෙනා පාලනය කර වීදි සංචාරය කළ අතර අනෙක් අලි දෙදෙනා ක්වීන්ස් හෝටලය අසල ගැටගසා තිබිණි.
සිද්ධියේදී කාන්තාවක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් තිදෙනෙකු කලබල වී මහනුවර වැවට (නුවර වැව) වැටී ඇත.
පසුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් තිදෙනා බේරාගෙන ඇත.