මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (26) වීදි සංචාරය කෙරේ.

රාත්‍රී 7.26 ට දකුණු දිසාවෙන් දළදා මාලිගාවෙන් පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර, දේවාල වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය සහ රජ වීදිය හරහා දළදා මාලිගාවට ඇතුළු වේ.

දෙවන රන්දෝලි පෙරහර හෙට (27) පස්වරු 6.46 ට ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. සහ දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර අවසානය සනිටුහන් කරනු ඇත.

රන්දෝලි පෙරහර අද (26) සිට දින පහක් වීදි සංචාරය කෙරේ. රාජකීය දළදා වහන්සේ සර්වඥ ධාතු කරඬුව රැගෙන සුදු වියන යට මෙම පෙරහැරවල ගමන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *