මහනුවර උමං මාර්ගයේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

මහනුවර නාගරික ප්‍රදේශයේ රථ වාහන තදබදයට විසඳුමක් වශයෙන් අතුරු මාර්ග උමගක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 252.30ක් වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 199.27ක මූල්‍ය පහසුකම් කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල මගින් ලබාදීමට එකඟ වී තිබේ. එම උමං මාර්ගය ආරම්භ කිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට මාර්ග හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *