මහනුවර ඇසළ පෙරහැර ඇරඹේ

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර පළමු කුඹල් පෙරහැරෙන් අද ආරම්භ වීමට නියමිතයි. කුඹල් පෙරහැර පහෙන් පළමු පෙළපාළිය ශ්‍රී දළදා මාලිගාවෙන් පෙරහර 7.10 ට ආරම්භ වේ. මහනුවර නාථ, විෂ්ණු, කටගම, පත්තිනි යන ප්‍රධාන දේවාල සතරේ පෙරහැර දළදා මාලිගාවේ පෙරහැරෙන් අනතුරුව පැවැත්වේ.

කුඹල් පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ රාත්‍රී 10.00 ට පමණ නැවත අදාළ සිද්ධස්ථාන වෙත ගමන් කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලංග පවසයි.

කුඹල් පෙරහැර පහෙන් පසු අගෝස්තු 26 වන දින රන්දෝලි පෙරහැර පහ අගෝස්තු 30 දක්වා පැවැත්වේ. ගැටඹේ මහවැලි තොටුපළේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු අගෝස්තු 31 වැනි දින පෙරහැර පැවැත්වෙන දිනය.

පෙරහැර අවසන් වීමෙන් පසු නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පෙරහැර සාර්ථකව අවසන් වූ බව දැනුම් දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *