ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාව විසින් පසුගියදා දියත් කරන ලද රොකට් යානය පිළිබඳ සංවාදයට ප්‍රතිචාර දැක්වූයේ මිනිසුන් බොහෝ විට එය තම සහෝදරයා එවන ලද රොකට්ටුව සමඟ සම්බන්ධ කරන බව අවධාරණය කරමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේදීත් තමන්ගෙන් මේ ගැන විමසූ බවයි.
“මගේ මල්ලි එවපු රොකට් එක පෞද්ගලික අංශයේ ව්‍යාපෘතියක්.රජයේ ආයෝජන තියෙනවා නම් කෝප් කමිටුවට ගේන්න ඕන.
“නමුත් පුද්ගලික ව්‍යාපාරිකයෙක් කරන ආයෝජනයක් ගැන අපිට ප්‍රශ්න කරන්න බැහැ.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එම ආයෝජනය ගැන විමසීමට අවශ්‍ය නම් එය ඔහුට භාරයි, එය ඔහුගේ දැක්මයි.
“එයාට පුළුවන් මේ සිද්ධිය ගැන පරීක්‍ෂණ කරලා කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න රජයේ ආයෝජන තියෙනවා නම්.
“මෙම ප්‍රකාශ දේශපාලන වටපිටාවේ මඩ ගැසීමට පමණක් සීමා වී ඇති අතර, මේ මඩ ගැසීමෙන් අපට ආර්ථිකය දියුණු කළ නොහැක.
“දේශපාලන චරිතයකට පහර දී ඔවුන්ගේ දරුවන්ගේ නම්වලට හානි කර, ඔවුන්ගේ නිවාස ගිනි තබා රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකියි,” රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.