‘‘මම මොකටද රනිල් එක්ක ඩීල් දාන්නේ?’’ සජිත්

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ළඟදීම ඒකාබද්ධ වී ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් තමන් අගමැති ධුරයට පත්වන බවට පළවන වාර්තා හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“මං මොකටද රනිල් එක්ක ඩීල් දාන්නේ?” ඔහු ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුව තුළ අනවශ්‍ය ප්‍රශ්න නඟමින් කාලය හා මුදල් නාස්ති කරන බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කළ පැමිණිල්ලකට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සභාව තුළ ඕනෑවට වඩා ප්‍රශ්න කිරීම නිවැරදි බවයි.

“ජනාධිපතිතුමාගෙන් මාසික වැටුපක් ගන්නා විපක්ෂයේ මන්ත්‍රීවරුන් වගේ වෙන්න මට අවශ්‍ය නැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *