මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා වරදාන ඉදිරියේදී නැතිවෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද වරදාන ඉදිරියේදී නොලැබී යන විට මාලිමාවෙන් හැර වෙනත් පක්ෂයකින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් නොවනු ඇති බවත් මේ රජයේ පාලන කාලය හමාර වන විට එවැනි තත්ත්වයක් උද්ගත වනු ඇති බව කෘෂිකර්ම වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

එවැනි තත්ත්වයක් උඩ ඉදිරියේදී පක්ෂ විසුරුවා හැරීම වැනිතීරණ ගත හැකි බවත්පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට පුද්ගලයන් නොමැති වූ විට එවැනි තත්ත්වයක් උද්ගත විය හැකි බවද අමාත්‍යවරයා පවසයි.

මෙවර මැතිවරණය එන විට කොටසක් තරග නොකරම විසිර ගිය බවත්නියමාකාරයට වැඩක් සිදු වන විටසමහර ආයතන පක්ෂ හා ව්‍යුහයන්රටට අවශ්‍යනැතිවී යන බවද පැවසිය.

වෘත්තිය සමිති වල හඬට සංවේදීව ඇහුම්කන්දීගැටලු නිරාකරණය කිරීමට රජයමැදිහත් වන විට වෘත්තීය සමිතිවල අවශ්‍යතාවයහීන වී යන බවදඅමාත්‍යවරයා පැවසීය.

ප්‍රශ්න කල්තියා දැක විසඳුම් ලබාදෙන විට ඇතැම් දේවල් භාවිතයට ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනැඟෙන බවත්නිපුණ ආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයේ ගැඹුරඑය විය හැකි බවදලාල් කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *