මන්ත්‍රිට බලහත්කාරකම් කළැයි පී.සීට ඇප

රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පත්මකුමාර මහතාට සාපරාධී බලහත්කාරකම් කළැයි කියන සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් තිළිණ යූ. පීරිස් මහතා අද නියෝග කළේය.

මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ කොලොන්න කලුගල ප්‍රදේශයේ පදිංචි සුසන්ත හෙට්ටිආරචිචි නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

ඇපකරු පවුලේ ළගම ඥාතියකු විය යුතු බවත් එම ඥාතීත්වය ඉදිරි දිනකදී සනාථ කරන ලෙස ද කොන්දේසි පැනැවීය.

දෙපාර්ශයේ නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම සැලැකිල්ලට ගත්  මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපැයක් මත මුදාහරින  ලෙසත් ලබන මස 26 දින නැවැත අධිකරණයට ඉදිරිපත් වන ලෙසත් නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *