මධූෂ්ට සාධාරණයක් ඉල්ලා බිරිය පොලිස් මූලස්ථානයට

හිටපු පාතල ක්‍රියාකරුවකු හා මත් ජාවාරම්කරුවක ලෙස ප්‍රසිද්ධව සිටි මා කඳුරේ මධූෂ්ගේ ඝාතනයට සාධාරණය ඉල්ලා මදුස්ගේ බිරිඳ ගයානි මුතුමාලි මහත්මිය  පොලිස් මූලස්ථානයට පැමිණියාය.

මාකඳුරේ මධූෂ් ඝාතනය  සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මා කඳුරේ මදුස්ගේ බිරිඳ  සමග නීතිඥ සේනක පෙරේරා,සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු නදිමාල් සිල්වා ද පොලිස් මූලස්ථානයට පැමිණියහ.

වසරකට වැඩි කාලයක් අපාරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි  මාකඳුරේ මදූස්  කොළඹ අපරාධ කොට්ඨාසයට මාරු කර දින හතරක් තුළදී මෙම ඝාතනය සිදුවූ බවත් මෙම ඝාතනයට එවකට සිටි පොලිසියේ ප්‍රධානීන් කිහිපදෙනකු වගකිය යුතු බවත් ඔවුහු චෝදනා කරති.

මාකඳුරේ මදුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් ඔහු ඇසුරු කළ  බොහෝ දෙනා දැන සිටි බව ද ඇය ප්‍රකාශ කළාය.  බොහෝ කරුණු යටපත් කිරීමට මෙම ඝාතනය සැලසුම් සහගතව සිදු කර ඇති බව ඔවුහු චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *