මධ්‍යම කදුකරයට තද සුළං සමග අධික වැසි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල තද සුලං සහ අධික වැසි පතිත විම හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණ ඇත.

කාසල්රි , මවුස්සාකැලේ සහ ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මෙසේ වර්ෂාව පතිත වෙන්නේ.

අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වරින් වර ඝන මිදුම් තත්ත්වයක් ඇති වන බවත්, පවතින වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසත්, එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි මාර්ගය අභියස වාහන ගාල් නොකරන ලෙසත් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *