මදුරෝ පැහැර ගන්න සහාය දුන් 60ක් අල්ලයි

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ පැහැර ගැනීම සඳහා ඇමෙරිකාවට සහාය දුන් බවට සැකපිට පුද්ගලයන් 60 ක් නිකරගුවා ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි එරට “කන්ෆිඩන්ෂල්” පුවත්පත වාර්තා කළේය.

ඉන් පුද්ගලයන් 49 ක් තවමත් රැඳවුම් බාරයේ සිටින බවත් ඔවුන්ගේ ඉරණම පිළිබඳව තවමත් පැහැදිලි නැති බවත් එම පුවත්පත ප්‍රකාශ කළේය.

නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගේ නියෝගය පරිදි එරට ආරක්ෂක මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

කෙසේ වෙතත් අත් අඩංගුවට ගත් පුද්ගලයන් 60 දෙනාගෙන් 9 ක් එරට ආරක්ෂක අංශ නිදහස් කර තිබෙන බවද එම පුවත්පත සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *