මතුගම ප්‍රා සභාපති රිමාන්ඩ්

මතුගම ප්‍රාදේශීය සභාවේ අද ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාවේ සභාපති  එළඹෙන 8 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් එන්. එන් . නානායක්කාර මහත්මිය අද නියම කළාය.

මේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ කසුන් මුණසිංහ නමැත්තෙකි.

පසුගියදා මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහර දුන්නා යැයි කියා මතුගම පොලිසිය මම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සභාපතිවරයා සහ ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරි සුරේස් ජයසේකර දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වනසේ ශරීර ඇප දෙක බැගින් නියම කර නැවත පෙබරවාරි 2 දින අධිකරණයේ පෙනී සිටින ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් චන්දන කුරුප්පුවාරච්චි මහතා නියෝග කර තිබුණි.

ලේකම්වරිය අද රාජකාරියට පැමිණි අවස්ථාවේ ඇයට ඇගේ කාර්යාලයේ යතුර භාරදීම සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා නැවත ලේකම්වරිය මතුගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සභාපතිවරයාව නැවත අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසිය ක්‍රියා කර ඇත. අත්අඩංගුවට ගත් සභාපතිවරයා මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *