සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කිඹුලා ඇළේ ගුණා ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් විදේශගතව සිට මෙහෙයවන ප්‍රධාන පුද්ගලයෙකු ලෙස සැලකෙන සුරේෂ් නැමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ඔහු ප්‍රදිප් කුමාර් නැමැති 21 හැවිරිදි තරුණයෙකි.
ඊයේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදුකර තිබූ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්ම අපරාධ මර්දන ඒකකය විසින් එම වැටලීම සිදුකර ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 22ක්, හෑෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 527ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් ලක්ෂ 4ක් සහ ජංගම දුරකථනයක් ද සොයාගෙන තිබේ.