මට්ටක්කුලියෙන් නාඳුනන මළ සිරුරක් සොයා ගැනේ.

සෙනසුරාදා (28) දින කාක දූපතේ වෙරළ තීරයේ තිබී සොයා ගත් නාඳුනන පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් මට්ටකුලිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මට්ටකුලිය පොලිසියට ලද තොරතුරක් මත මෙම නාඳුනන මළ සිරුර සොයා ගෙන ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් පමණ වන අතර උස අඩි 5 අඟල් 7ක් පමණ වන බව අනුමාන කරන බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා තැඹිලි පැහැති කලිසමක් සහ කළු කමිසයක් ඇඳ සිටි බවද පැවසේ.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *