මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන

මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍ර දේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව නිලධාරීන් කළ විමර්ශනවලදී සැකකරු විසින් පොදු දේපොළ සාවද්‍ය පරිහණය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *