මංගල මැතිවරණයෙන් ඉවත් වෙයි, මන්ත්‍රී දේශපාලනයට සමුදෙයි

මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා සිටී. සමරවීර මහතා මාතර දිස්ත්‍රික්ය සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් අංක 08 යටතේ තරග කිරීමට නියමිතව තිබුණි.

ඔහු පවසන්නේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්යය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහා ගෙන නොමැතිව කටයුතු කරන බවයි. එමෙන්ම මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වියයුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියි.

මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමු ගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි අවධාරණය කර සිටි මංගල සමරවීර මහතා, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශිර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *