භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් පත් කරයි

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයකු ලෙස සේවය කළ එච්. සී. ඩී. එල්. සිල්වා මහතා වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත 2025-10-06 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ඒ අනුව, පුරප්පාඩුව පවතින එකී භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඒ. එන්. හපුගල මහතා පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *