බෝට්ටු කරුවන් පිරිසක් ඉන්ධන ඉල්ලා ඉන්ධන පිරවුම්හලට කඩාපැන උණුසුම් තත්වයක් ඇති කරයි.

අලුත්ගම සිපෙට්කෝ ඉන්ධන හලේ දින තුනක් තිස්සේ ජනතාව පෝලිමේ සිටිද්දී සංචාරක බෝට්ටු ධාවකයන් බෝට්ටුවලට තෙල් ඉල්ලා 17 පොම්ප කරුවන්,පොලිසිය හා ආරක්ෂක අංශ සමග උණුසුම් තත්වයක් ඇතිවුබව බේරුවල සමුපකාර සංගමයේ සභාපති පත්මසිරි ජයසිංහ මහතා අලුත්ගම ඉන්ධන හලේදී මාධ්‍යයට අදහස් දක්වමින්පැවසීය .

බේරුවල සමුපකාර සංගමයට අයත් අලුත්ගම සිපෙට්කෝ ඉන්ධන හලට අලුයම පැමිණි පැට්‍රල් තොගය පෝලිමේ සිටි ජනතාවට සහ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා යන පිරිස් වෙත නිකුත් කරමින් සිටියදී සංචාරක බෝට්ටු කරුවන් පිරිසක් පැමිණ තමන්ගේ බෝට්ටුවල ඉන්ධන ටැංකිවලට තෙල් නිකුත් කරන්න කියමින් ඉන්ධන හලේ පොම්ප කරුවන් හා ආරක්ෂක අංශ සමඟ උණුසුම් තත්වයක් ඇති වූනා.

මේ බව ඉන්ධනහල් කළමනාකාරිත්වය මටත් බේරුවල සමුපකාර සංගමයේ කලමනාකාරවරියට දැන්වූ පසුව අප දෙදෙනා ඉන්ධන හලේ ආරක්ෂාව කවුරු කරන ලෙස අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති නාලක මාගෙදර ගම මහතාට දැන්වා ඉන්ධනහලට පැමිණි බව බේරුවල සමුපකාර සංගමයේ සභාපති පත්මසිරි මහතා සඳහන් කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමුපකාර සංගමයේ සභාපතිවරයා මෙසේ මෙසේද පැවසීය.

‘අප ඛනිජ තෙල් සංස්ථාවෙන් කළ කළ ඇණවුම් මක්මත පැට්‍රල් ලිටර් 6600ක බවුසරයක් ලැබුණා ඒ වනවිටත් පැට්‍රල් මිලදී ගන්න දින තුනක් තිස්සේ විශාල පිරිසක් ඉන්ධන හලේ පෝලිමේ සිටියා . ඒ අතරතුර සංචාරක බෝට්ටු හිමිකරුවන් සහ සේවකයින් පිරිසක් බොට්ටු වල ඉන්ධන ටැංකි රැගෙන ඔවුනට ඉන්ධන නිකුත් කරන්නැයි ඉල්ලාසිටීයා එසේ නොදෙන්නේ නම් සෙසු පිරිසට ඉන්ධන නිකුත් නොකරන ලෙසත් ඉල්ලා උණුසුම් තත්ත්වයක් ඇතිකර බැවින් මේ තත්ත්වය පාලනය කිරීමට පොලිසියට දැන්වූ බවත් කිහ . පසුව අලුත්ගම පොලිසිය විශේෂ කාර්ය බළකාය සහ අතිරේක හමුදා නිලධාරීන් පිරිසක් කැඳවිමට කටයුතු කරා’

ඒවන විටවිශාල පිරිසක් ඉන්ධන හලට රැස්වී සිටි බවත් මෙහිදීබේරුවල සමුපකාර සංගමයේ කළමනාකාරිනි තනුජා ගමගේ මහත්මිය අදාලබලධාරීන්ට ද මේ පිළිබඳව දුරකථනයෙන් දැන් වූ අතර ඇගේ පිළිතුර වූයේ ඉන්ධන ටැංකි වලට ඉන්ද්‍න නිකුත් කළහොත් ඉන්ධනහලෙ බලපත්‍රය අවලංගු කරන බව ඇයට දන්වා තිබෙන බවයි.

කෙසේ වෙතත් සංචාරක බෝට්ටු කරුවන් ප්‍රකාශ කර සිටියේ තමන්ට ඉන්ධන ගන්න පිට පළාත්වලට යා හැකි බවත් කෙසේ හෝ තම රැකියාව කර ගැනීමට අවශ්‍ය ඉන්ධන අලුත්ගම ඉන්ධන හලෙන් නිකුත් කර දී මට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන දෙන ලෙසයි .
පසුව පොලිසිය ඔහුන් විසුරුවා හැර පොලිමේ පැමිණි සෙස්සන්ට ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පොම්ප කරුවන්ට නියෝග කළේය. පෝලිමේ සිටි සෞඛ්‍ය අංශ වල පිරිසක්ද කියාසිටියේ ඉන්ධන නොමැති කමින්රාජකාරී ස්ථානවලට යාමට බාධා වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *