බොහෝ ප්‍රදේශවල ඉන්ධන ටෝකන් නිකුත් කිරීම ආරම්භ කරයි.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රකාශ කළ පරිදි ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝලිම්වල සිටින මහජනතාවට ටෝකන නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් අද ඉන්ධන පිරවුම්හල් කිහිපයක ටෝකන් ක්‍රමය ක්‍රියාත්මක වුවද ඇතැම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව දැනුවත්ව සිටින්නේ නැහැ.

වාහන හිමියන්ගේ අංක ලබාගෙන ඇති අතර ඉන්ධන තොගය අදාළ ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණි පසු ඔවුන් දැනුවත් කිරීමට නියමිතයි.

මීට පෙර අමාත්‍ය විජේසේකර කියා සිටියේ ටෝකන් ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ රට තුළ පවතින පෝලිම් කළමනාකරණය කිරීම සඳහා පමණක් බවයි.

ඉන්ධන තොග ඉතා සීමිත බැවින් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන හිඟය උග්‍ර කරමින් අපේක්ෂිත ඉන්ධන තොග තවදුරටත් ප්‍රමාද වී ඇත.

පැය ගණන් දින ගණන් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල සිට ඉන්ධන මිලදී ගැනීමට මහජනතාවට සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *