බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ සියලු සේවාවන් නව්‍යකරණයට ලක්කර වඩාත් පුළුල් නව සැලැස්මක් යටතේ අංග සම්පූර්ණ ජාතික රෝහලක් බවට පත්කිරීමට අවශ්‍ය කඩිනම් සැලසුම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පාලන අධිකාරිය සමග සාකච්ඡාවක නිරත විය.
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්‍යාව 11 ක් වන අතර ගෙවන කාමර 87 කින් ද යුක්ත වේ. වාර්ෂික ව බාහිර රෝගීන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට ප්‍රතිකාර සේවාවන් මෙම රෝහලෙන් ලබා දෙන අතර තුන්දහස් පන්සියයකට අධික පිරිසකට වාර්ෂික ව නේවාසික ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ඇත. මෙරට එකම ආයුර්වේද ජාතික රෝහල ද මෙය වේ.
මෙහි දී අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය, වාට්ටු, ගෙවන කාමර, සායන පරිශ්‍රය, මුළුතැන්ගෙය, ඖෂධාලය, පංච කර්ම ඒකකය, ඇතුළු රෝහලේ සියලු අංශ මෙන් ම රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයට ලක්කළ අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය මෙන් ම රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබඳවත්, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් පිළිබඳව සොයා බැලුවේය.