සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ආරවුලකට සම්බන්ධ බවට සැක කෙරෙන සිද්ධියකදී බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ 141 වත්ත ප්රදේශයේ නිවසකට අත්බෝම්බයක් එල්ල කර තිබේ.
පොලිසිය පැවසුවේ අදාළ නිවස සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “වනතේ චතු” හෙවත් කවිෂ්ක මධුෂාන් අබේවික්රමගේ සමීපතමයෙකුට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි. ඔහු පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.
උදෑසන කාලයේදී නිවස වෙත එල්ල කළ අත්බෝම්බය පුපුරා නොගොස් තිබේ.
අවට ප්රදේශයේ CCTV කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරුවෙකු යතුරුපැදියකින් පැමිණ නිවස වෙත අත්බෝම්බය විසි කර පලා යන ආකාරය සටහන් වී ඇති බව වාර්තා වේ.
ප්රහාරය සිදුකළ සැකකරු හඳුනා ගැනීමටත්, ප්රහාරයට හේතුව සොයා ගැනීමටත් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධියෙන් පසු අවට ප්රදේශයේ ආරක්ෂාවද තර කර ඇති බව පොලිසිය සඳහන් කළේය.


