බුද්ධි මාරඹේ තනතුරෙන් ඉවත් කෙරේ

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජිකයෙකු හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගිත්ව වැඩසටහනේ උපදේශකවරයෙකු වූ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම අමාත්‍යාංශයේ මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින් ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවය.

රසායනික පොහොර ආනයනය කරන සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබූ බවද එම නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *