විදේශික ජාතිකයෙකුට යම්කිසි තර්ජනයක් ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුමක් හෝ කුමක් හෝ තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් 1997 දැනුම් දෙන්න යයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොළොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල ශ්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසිය.
මේ අනුව දේශීය ජනතාවට නොව විදේශිකයන් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල කිරීමටත් සැලසුම් කර ඇති බවත් දැනට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව උපරිමය යොදවා ඇති බව වැඩ බලන පොලිස් ප්‍රතිවරයා හෙතෙම පැවසිය.
“2023 ඔක්තෝම්බර් 7 මැද පෙරදිග යුද වාතාවරණය ආරම්භ වීමත් සමගම 2024 ඔක්තෝබර් අවසාන වන විට ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් දෙපාර්ශ්වයම නැත්නම් විවිධාකාර පාර්ශවයන් ත්‍රස්තවාදී සටන් ක්‍රියාත්මක වී තිබුණා. ශ්‍රී ලංකාවටත් යම් කිසි සැකයක් ඇතිවේ යැයි නිසා බුද්ධි අංශ ආවෙක්ෂණ රාජකාරී කරපු නිසා ඔක්තෝබර් හත වන විට අපිට බුද්ධි තොරතුරු ලැබුණා යම්කිසි විදේශ ජාතිකයන් ඉලක්ක කරගෙන යම්කිසි ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කියා.
මීට සති තුනකට පටන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සලේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා සහ ඒ සඳහා උපදෙස් ලැබුණා.ඒ උපදෙස් ප්‍රකාරව එම විදේශිකයන්ගේ ආරක්ෂාව එම ස්ථානවල ආරක්ෂාව. සමහර විදේශිකයන් පුදපූජා කරන ස්ථානවල ආරක්ෂාව විශේෂ ආරක්ෂක සැලැස්මක් යටතේ පොලිස් ස්ථාන මගින් විශේෂ කාර්ය බළකාය මගින් ආරක්ෂාව සැලසුවා.
ඊට අමතරව එම ස්ථානවල බුද්ධි නිලධාරින් යෙදෙව්වා වෙනත් තොරතුරු ලබාගන්න ක්‍රමවේද අපි සම්බන්ධ කරගත්තා ඒත් එක්කම ඒ සම්බන්ධයෙන් කොන්සල් ජනරාල්වරුන් සමඟ අපි නිරන්තර සම්බන්ධතා පැවැත්වුවා .මේ වන විට ඇමරිකානු ආරක්ෂක උපදේශ නිකුත් කිරීමත් සමගම දැනුවත්කමක් තිබුණා බුද්ධි අංශ අපව දැනුවත් කරලා තිබුණා. මේ අනුව එම ආරක්ෂක කටයුතු ඊයේ දිනයේ සිට විශේෂ වූ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා.
ඊට හේතු වුණේ එම තොරතුරක් නිශ්චිත ලෙස ලැබීමත් නිශ්චිතව ලබාදීම පදනම් කරගෙන ඊයේ රාත්‍රියේත් ආරක්ෂක කවුන්සලය විශේෂ මාර්ග උපදේශ යටතේ රැස්වුණා. ඒත් එක්කම අද උදෑසන ආරක්ෂක කවුන්සලය රැස්වුණා.ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා ත්‍රිවිධ හමුදාපතිවරු බුද්ධි අංශ ප්‍රධානීන් සමඟ ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එහිදීත් ලැබුණු තොරතුරු සහ උපදෙස් අනුව මේ වන විට මෙම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා.ඒත් එක්කම ඔවුනුත් සෑහීමකට පත්වෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල අප දැනුවත් කරලා තියෙනවා.ඒ තානාපති කාර්යාලයත් අපට ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා ආරක්ෂක කටයුතු නියමාකාරයෙන් සිදු වෙන බවට.
මේක දේශීය වශයෙන් දේශීය පුද්ගලයන් ඉලක්ක කරගෙන කිසිදු තර්ජනයක් අනාවරණය වෙන්නේ නෑ කෙසේ නමුත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.කිසියම් තොරතුරක් කිසියම් වෙනස්වීමක් ත්‍රස්තවාදී තර්ජනයක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට දැනුම් දෙන්න.ඒත් එක්කම අපි දහනවයයි යනු හත යන කෙටි අංකය ලබා දීලා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක දැනුම් දීමක් කරන්න පුළුවන්ඒත් එක්කම සංචාරක මණ්ඩලය ලියාපදිංචි හෝ ලියාපදිංචි නොමැති සියලු දෙනාට අපි ආරාධනය කරනවා ඒ කිසිදු සේවකයෙක් එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක් විදේශික ජාතිකයෙකුට යම්කිසි තර්ජනයක් ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුමක් හෝ කුමක් හෝ තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් 1997 දැනුම් දෙන්න. නොපැකිලිව අපි ඒ ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.
දැනට විශේෂ ආරක්ෂාවක් යොදවලා තියෙනවා* අද උදෑසන පහේ සිටත් විශේෂ ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා .විශේෂ වටලා සෝදිසි සෝදිසි කිරීම් ආරුකම්භය ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපිට කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හා දේපලක් හමුවුණේ නැහැ නිශ්චිත වශයෙන් කියනවනම්ආරක්ෂාව අපි උපරිම වශයෙන් ලබා දීලා තිබෙනවා.”