බිළිඳෙකු විකිණීමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් ඩුබායිහිදී අත්අඩංගුවට…

සමාජ මාධ්‍ය හරහා බිළිඳෙකු ඩිරාම් 12,000 කට අලෙවි කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සහ තවත් දෙදෙනෙකු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි ඉන්දුනීසියානු කාන්තාවක් මුදල් අවශ්‍යව තම අලුත උපන් බිළිඳා විකිණීමට උත්සාහ කළ පුවතක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මාධ්‍ය වාර්තා අනාවරණ කළා.

45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු ඇයට ගැණුම්කරුවෙකු සොයා ගැනීමට උදව් කර ඇත.

මාස 2ක් වයසැති බිළිඳා විකිණීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී අන්තර්ජාලය ඔස්සේ පළකර තිබූ දැන්වීමක් මත ඩුබායි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා. එම දැන්වීම පළ කර ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාව බව වැඩිදුරටත් අනාවරණය විය.

පසුගිය සතියේ ඩුබායි අධිකරණයේ පැවති නඩු විභාගයේදී ඔවුන් තිදෙනාම මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් විය. ඒ අනුව එක් සැකකරුවෙකුට වසර තුනක සිරදඬුවමක් සහ ඩිරාම් 4000ක දඩයක් නියම කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *