බිමත් යතුරුපැදිකරු පොලිසියට වෙට්ටු දාද්දී වැටී මරුට:කලබල වු පිරිස පොලිසියට පහර දෙති

වවුනියාව , කූමන්කුලම ප්‍රදේශයේ දී බීමතින් යතුරු පැදියකින් ගමන්කළ පුද්ගලයකු  නැවැත්වීමට උත්සහ කිරීමේදී අදාල පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමඟ ප්‍රකෝපවූ ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි වවුනියාව පොලිසිය කියයි.

ප්‍රකෝපවූ පිරිස පහරදීම හේතුවෙන් පොලිස් කැබ්රථයක් සහ යතුරු පැදි දෙකකටද හානි කොට ඇති අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇ.

අනතුරුව කලහකාරි පිරිස් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවූ බවත් පොලිසිය සඳහන් කළේය.

පොලිසිය විසින් යතුරු පැදිකරු හබාගොස් යතුරු පැදියට විවිද අවහිරතා කරමින් යතුරු පැදිකරු ඇඳවැට්ටීමෙන් මෙම මරණය පොලිසිය සිදුකළ බවට චෝදනා කරමින් ප්‍රකෝපවූ පිරිසක් නිලධාරින්ට පහරදී පොලිස් කැබ්රථයට සහ යතුරු පැදිවලට හානි සිදුකොට ඇති බවත් පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *