ඉහළ පුටු තුනකට උසස් සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්වීම් සඳහා  උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේ අනුමතිය හිමිව ඇත

ඒ එම කාරක සභාව පසුගියදා (09) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව, බලශක්ති අමාත්‍යාංශයයේ ලේකම් ලෙස මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.එම්.ජී.එස්.එන්. කළුවැව කම්කරු අමාත්‍යාංශයයේ ලේකම් ලෙස එස්.එම්. පියතිස්ස සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා යන මහත්ම මහත්මීන්ගේ  පත්වීම්වලට  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය මෙසේ හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *