බිත්තර

බිත්තර පාලන මිල ඉවත් වෙයි

ඊයේ (25) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් තිබේ.

බිත්තර මිල පාලනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය මඟින් සුදු බිත්තරයක් රුපියල් 44කටත් දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් වන ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස 19 වන දින ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණි.

එහි තවදුරටත් දැක්වුනේ සුදු බිත්තර කිලෝ ග්‍රෑමයක් රුපියල් 880ක් සහ දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑමයක් 920කටත් අලෙවි කළ යතු බවය.

කෙසේ වෙතත් වෙළඳපොළේ පාලන මිල යටතේ බිත්තර අලෙවිය විධිමත්ව සිදුනොවූ අතර බිත්තර හිඟයක්ද දක්නව ලැබුණි.

එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සතොස සහ සුපිරි වෙළෙඳසැල් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, සතොස මඟින් බිත්තරයක් රුපියල් 35ක මිලකට සහ සුපිරි වෙළෙඳ සැල්වලින් බිත්තරයක් රුපියල් 40 බැගින් නිකුත් කරන බවය.

බිත්තර සඳහා පාලන මිලක් පනවා තිබීම හේතුවෙන් බිත්තර හිඟය නිර්මාණය වූ බව සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේය.

පාලන මිල ඉවත් කිරීමත් සමඟ රුපියල් 50ක මිලකට බිත්තරයක් අලෙවි කිරීමට හැකියාව පවතින බව අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *