බාල හාල් බෙදූ මෝල් හිමියා

සෙවනගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ප්‍රමිතියෙන් තොරව සහල් බෙදූ බව කියන මෝල් හිමියාගේ සහල් සැපයුම නවතා දැමීමට සෙවණගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතා පියවර ගෙන ඇත.

හබුරුගල ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුල් 500 ක් සඳහා පසුගිය අප්‍රේල් 12 වැනිදා දෙනු ලැබූ සහල් ප්‍රමිතියෙන් තොර බවට ලද තොරතුරු මත ප්‍රාදේශීය ලේකම්වරයා මෙම පියවර ගෙන ඇත.

ප්‍රමිතියෙන් යුතු සහල් බෙදන ලද මෝල් හිමියකුට සැපයුම ලබාදීමට ද පියවර ගෙන ඇත.

ප්‍රමිතියෙන් තොර සහල් බෙදූ මෝල් හිමියාගේ මුදල් ගෙවීම අත්හිටුවනවා ද නැද්ද යන්න ගැන තීරණයක් ඉදිරියේදී ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *