බාලවයස්කාර දැරියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නඩුවෙන් නිදහස් කරයි.

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා 2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම (ව්‍යවස්ථාපිත දූෂණය) සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සාරුව ලියනගේ නමැත්තාට කොළඹ මහාධිකරණය වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

විත්තිකරුට එරෙහිව සාක්ෂි ඇගයීමට ලක් කිරීමට කොළඹ මහාධිකරණය අපොහොසත් වීම හේතුවෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය පනවා තිබූ වරද සහ දඬුවම ඉවත් කිරීමට අභියාචනාධිකරණ අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරරත්නම් සහ සම්පත් අබේකෝන් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.

විත්තිකරු සිය අභියාචනයේ දී විත්තිකරු කියා සිටියේ මහාධිකරණ නඩු විභාගය අතරතුර වින්දිතයා පෙත්සම්කරු ඇයව දූෂණය කළ බව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බැවින් මහාධිකරණයේ වරද ස්ථිර කළ නොහැකි බවයි.

2020 ජනවාරි 17 වැනි දින මහාධිකරණය විසින් පනවන ලද දැඩි සිරදඬුවම සහ තමාට ලබා දී ඇති දඬුවම සමාලෝචනය කර ඉවත් කිරීමට අභියාචනාධිකරණයේ අධිකරණ බලය ඉල්ලා හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙම අභියාචනය ගොනු කළේය.

2012 වසරේ මැයි මස 23 වැනිදා සිට 2012 වසරේ ජූලි මස 02 වැනිදා දක්වා කාලය තුළ අකුරැස්ස ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණා.

විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමඟ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *