කොළඹ වරායේ තිබූ ආනයනය බහලුම් නිෂ්කාශනය කිරීමේ තදබදය සම්පූර්ණයෙන්ම ඊයේ (29) පෙරවරුවේ අවසන් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
සිරවී තිබූ සියලුම බහලුම් මේ වන විට නිෂ්කාශනය කර අවසන් බවත් මෙතැන් සිට එදිනෙදා ලැබෙන බහලුම් නිස්කාශනය කරන බවත් අරුක්ගොඩ මහතා කීය.
සාමාන්‍යයෙන් දිනකට බහලුම් 1200 ක් පමණ ලැබුණ ද පසුගිය සති කීපයේ ඇතැම් දිනවල බහලුම් ලැබීම 2900 දක්වා ඉහළ ගිය බවත් ඒ හේතුවෙණ් න් නිර්මාණය වූ තදබදය සහ ප්‍රමාදය නිසා බහලුම් නිෂ්කාශනය කිරිමට අතිරේක කාලයක් ගැනීමට සිදුවූ බව ද සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.