සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර තිබේ.
පසුගිය 19 දා පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා පැය 12ක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර සැකකරුවන් 755 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. විවිධ අපරාධ සම්බන්ධ සැකකරුවන් 627ක් හා වරෙන්තුකරුවන් 128ක් ඒ අතර වේ.
බස්නාහිර පළාත හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර සැකකරුවන් අදාළ පොලිස් බල ප්‍ර දේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.