බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක සියළු පෙරපාසල් සඳහා ද අද සිට අප්‍රේල් මස 20 වන දින දක්වා නිවාඩු ලබාදෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව සියළුම පෞද්ගලික, පළාත් පාලන, ජාත්‍යන්තර හා රජයට අනුබද්ධ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා මෙලෙස නිවාඩු ලබාදෙන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රජය මගින් පාසල් සඳහා නිවාඩු ලබාදී තිබූ ක්රමවේදයම අනුගමනය කරමින් මෙලෙස පෙර පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.