බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සදහා ආදායම් බලපත්ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා. මීට පෙර ඊයේ දිනය දක්වා අත්හිටුවා තිබූ ආදායම් බලපත්ර නිකුත් කිරීම ලබන ජුනි මස 6 වනදා දක්වා දීර්ඝ කළ බව බස්නාහිර පළාත් ප්රධාන ලේකම් ජේ එම් සී කාන්ති විජේසිංහ පැවසුවේය.
ඒ අනුව මෙම කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්ර නැවත ලබාගැනීමේදී ලබන ජුනි මස 30 වන දින දක්වා දඩ මුදල් අය නොකිරීමටතීරණය වී ඇත.
කෙසේවෙතත් www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ග ගත ක්රමය යටතේ ආදායම් බලපත්ර ලබාගත හැකි බවද බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරිය වැඩිදුරටත් සදහන් කළාය.