බස්නාහිර පළාත් සභාවේ වාහන – යතුරුපැදි 100ක් අතුරුදන්

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අයත් වාහන සහ යතුරුපැදි 87ක් සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්  කාර්යාලයට අයත් වාහන 13ක  භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට  නොහැකි වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

එම විගණන වාර්තාවට අනුව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමෙන්තුව නමින්  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  ලියාපදිංචි   වාහන සහ යතුරුපැදි 87ක පැවැත්ම   තහවුරුකරගනිමට නොහැකිවි  ඇත.

එමෙන්ම බස්නාහිර  පළාත් සභාවේ  ප්‍රධාන ලේකම් නමින්  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  ලියාපදිංචි   වාහන  13ක  පැවැත්ම  තහවුරුකරගැනිමට නොහැකි වි ඇති බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

මෙකි වාහනවල භෞතික පැවැත්ම තහවුරු කරගත යුතු බවට  විගණනය මගින් නිර්දේශකොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *