බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරන පුද්ගලයන් අද (28) දිනයේ සිට ලබන පෙබරවාරි පළමු වනදා තෙක් රැපිඩ් ඇන්ටිජන් හෝ පී සී ආර් පරීක්ෂණවලට යොමු කරන බව පොලිසිය පවසා සිටියි.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී එම පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ. මේ අතර දිවයින පුරා විශේෂ රථ වාහන මෙහෙයුමක් ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.