බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

පොලීසිය හා යුද හමුදා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමක දී බන්ධනාගාර නියාමකවරයෙක් හා බන්ධනාගාර වෘත්තීය උපදේශකවරයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ දී එම නිලධාරීන්ව අත්අඩංගුවට පත්ව ඇත.

මෙම නිලධාරීන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අඟුණුකොළපැලැස්ස පොලීස් ස්ථානාධිපති මඟින් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී ඔවුන්ව 2024 ජනවාරි මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දෙපාර්තමේන්තුව විසින් ද මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක,ගාමිණී බී දිසානායක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *