රැදවියන් බැලීම සදහා බන්ධනාගාර තුළට පැමිණෙන සියළු පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණයත් සමගම මන්ත්‍රී වරප්‍රසාද යටතේ රැදවියන් බැලීමට පැමිණෙන සියළු දේශපාලනඥයින්ද පූර්ණ පරීක්ෂාවකට ලක් කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා සිටින්නේ.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පසුගියදා පැමිණි අතර, එහිදී ඔහු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය සමාජ මාධ්‍යයට මුදා හැරීමත් සමගම රැදවියන් බැලීමට බන්ධනාගාර තුළට පැමිණෙන සියළු දේශපාලනඥයින් පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් දෙදෙනා බන්ධනාගාරය තුළ සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ වැඩතහනම් කළ බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියේ.