බදු ගෙවීම සඳහා රජය විසින් සහන කාලයක් ලබා දීමට තීරණය කෙරේ

බදු ගෙවීම සඳහා රජය සහන කාලයක් ලබාදී තිබේ. ඒ අනුව පෙබරවාරි මාසය වෙනුවෙන් මාර්තු 20 වැනිදා ගෙවිය යුතු වූ සහ මාර්තු මාසය වෙනුවෙන් අපේ‍්‍රල් 20 වැනිදා ගෙවීමට නියමිත මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බද්ද ගෙවීම සඳහා අපේ‍්‍රල් 30 වැනිදා දක්වා සහන කාලයක් ලැබෙනු ඇති.

මේ අතර එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන අනුව පෙබරවාරි මාසය සඳහා වන එකතු කළ අගය මත වන බදු වාර්තාව මාර්තු මස 31 වැනිදා භාර දිය යුතු වනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එම වාර්තාව නියමිත දිනට ලබාදීමට පහසුකම් සපයා ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත් අදාළ බදු වාර්තාව වෙබ් අඩවිය හරහා හෝ ගෙනවිත් භාරදීමට අපේ‍්‍රල් 30 වැනිදා දක්වා සහන කාලයක් ලබාදෙන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *