Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මරණය ගැන

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දැරිය මියයෑම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බොරැල්ල පොලීසිය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් සිදුකරනු ලබන විමර්ශනයන් සම්බන්ධයෙන් දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ පුද්ගලයාගෙන් අද දිනයේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවය.

දැරියගේ මව සහ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ පියාගෙන් ද වැඩිදුර ප්‍රකාශ ඊයේ දිනයේ දී ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබිණි.

එම දැරිය ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇයව 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී එම නිවසට රැගෙනවිත් තිබේ.

ඔබේ අදහස