බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නොසන්සුන්කාරී තත්ත්වයක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමේදී නිමල් සිරිපාල ද සිල්වා මහතා මැදිහත් වූ බවට සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වූවන් කිහිප දෙනෙකු ප්‍රකාශ කිරීමත් සමඟ ඊයේ සවස උණුසුම් තත්ත්වයක් වාර්තා වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.

ගුවන් තොටුපළට පිරිමි ආරක්ෂක නිලධාරීන් 100ක් සහ කාන්තා නිලධාරිනියන් 50ක් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ වට කිහිපයක් පසුගිය සති කිහිපය තුළ පැවැති බවද වාර්තා විය.

ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ ලබා දී ඇති නිර්ණායක අනුව පිරිමි ආරක්‍ෂක නිලධාරීන් 100 දෙනා තෝරාගෙන ඇතත් අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත කාන්තා නිලධාරීන් 50 න් පිරිමි නිලධාරීන් 25 ක් තෝරාගෙන ඇති බවයි.

“පිරිමි නිලධාරීන් 25 දෙනා තේරීම් නිර්ණායක අනුව තෝරාගෙන නොමැති අතර මේ නිසා සමස්තයක් වශයෙන් කාන්තා නිලධාරිනියන් 25 ක් සහ පිරිමි ආරක්ෂක නිලධාරීන් 125 ක් තෝරාගෙන ඇත,” ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, තෝරාගත් අභ්‍යාසලාභී ආරක්ෂක නිලධාරීන් පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු හමුදා කඳවුරට අඹේපුස්ස වෙත රැගෙන ගොස් තිබුණි.

ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක්ම අසාර්ථක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *