batalanda

බටලන්ද වාර්තාව නීතිපතිට යවයි

“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු  කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම බටලන්ද වාර්තාව නීතිපතිවරයාට යොමු කර ඇත.

වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු  බටලන්ද වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු  සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර  අදාල වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුව යැයි ජනාධිපති කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *