බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 276ක් අද අලුයම දිවයිනට

කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තියත් සමගම දිවයිනට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු අද (24) අලුයම දිවයිනට ළගා වී තිබේ. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-1423 දරණ ගුවන් යානයෙන්.

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් ඇතුළුව ඔවුන් රැගෙන පැමිණි සියළුම බඩුබාහිරාදිය ගුවන්තොටුපළ පර්යන්ත ගොඩනැඟිලි තුළට ඇතුළු වීමට පෙර විෂබීජහරණය කිරීමට ලක් කෙරුණු අතර අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *