බංග්ලාදේශයේ Kishoreganj ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම අනතුරින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවය.
ඩකා බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය, Chattogram බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි .
ඩකා අගනුවර සිට කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි Bhairab හිදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් පසු බංග්ලාදේශයේ අනෙකුත් ප්‍රදේශවලට දුම්රිය ධාවනය ද අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.