පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව  ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

පොහොට්ටුව  බොහොම සුබවාදී තීන්දුවක් හෙට අනිද්දා වන විට ගන්නවා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම නම් සියලු දෙනා ඊට එකඟ වෙන බව කීය.

රටේ ජනාධිපති වෙන්නේ පොදු ජන පෙරමුණ උදව් කරන නායකයා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පොහොට්ටුවේ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක්ද?රනිල් වික්‍රමසිංහ ද කියා ගන්නා  තීරණය ජනතාව  බලාපොරොත්තු වෙන තීරණයම විය හැකි යැයිද පියල් නිශාන්ත මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *