පොසොන් පොහොය දිනය ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට ඉහළම වැදගත්කමකි: ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පොසොන් දින පණිවුඩයේ සඳහන් කළේ ජනතා කේන්ද්‍රීය ඉලක්කයක් සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ එකමුතුකම, සහයෝගය සහ කැපවීම අත්‍යවශ්‍ය බවයි.

නව අර්ථවත් අනන්‍යතාවක් මෙන්ම සංස්කෘතික පුනරුදයක් ඇති කිරීමට මංපෙත් විවර කරමින් බුද්ධ පණිවිඩය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ අප මාතෘභූමියට ඵෙතිහාසික ආගමනය සනිටුහන් කරන පොසොන් පොහොය දිනය ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් වේ.

එදා පැවති සංස්කෘතිය වඩාත් අර්ථාන්විත ආගමික වටිනාකම් බවට පෝෂණය වූයේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුද්ධ ධර්මය හඳුන්වාදීමත් සමඟය.

මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වා දුන් ධර්මය ද ජාතියේ අභිවෘද්ධිය සඳහා මගක් හෙළි කළේය. එය සමස්ත පුද්ගල සංවර්ධනයේ අධ්‍යාත්මික අංශය ද ඉලක්ක කර ඇත. උතුම් ජීවන දර්ශනය අපට දායාද කළ නිසා ශ්‍රී ලංකාව තේජසින් පොහොසත් වූ බව ඉතිහාසය පෙන්වා දෙයි.

ජනතා කේන්ද්‍රීය ඉලක්කයක් සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ එකමුතුකම, සහයෝගය සහ කැපවීම අත්‍යවශ්‍ය වේ. අතීතයේ අපේ මුතුන් මිත්තන් අභියෝග ජය ගත්තේ පොදු එකඟතාවකින් සාමූහිකව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

විචාර බුද්ධිය, නම්‍යශීලි බව සහ ධාර්මික බව, නිර්මාණාත්මක චින්තනය සහ ස්වභාවධර්මය පිළිබඳ විශ්වාසය සමාජයේ පොදු යහපතට හේතු වන බව අනුබුදු මිහිඳු මාහිමියන් අපට උගන්වා ඇත. බුද්ධාගම උගන්වා ඇත්තේ අවබෝධයේ හරය, දැනුමෙන් යුක්ත සංජානනය තුළින් ඉටු කර ගැනීමයි. පංචෙන්ද්‍රයන්ගෙන් සිත නොරැවටිය යුතු අතර සත්‍යය දැකිය හැක්කේ ධර්මයේ යෙදීමෙන් පමණි.

මෙලොවදීම උතුම් සම්බුද්ධත්වයත්, සතුටත් අරමුණු කරගනිමින් කටයුතු කිරීමට මෙම පොසොන් උත්සවයේදී අදිටන් කර ගනිමු. මේ උතුම් පොසොන් පොහොය දිනයේදී සියලු දෙනාටම මෛත්‍රී සහගත සිතිවිලි පහළ වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *