පොලිසියේ මාසික පරීක්ෂණ තාවකාලිකව නවතයි

පොලිස් නිලධාරින් වෙනුවෙන් පවත්වනු ලබන මාසික, අර්ධ වාර්ෂික සහ වාර්ෂික පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉහළ පොලිස් නිලධාරින්ට දැනුම්දී ඇත.

සමස්ථ දිවයිනට බලපෑ ස්වාභාවික ආපදා තත්ත්වය මත හදිසි අවස්ථා නියෝග ප්‍රකාශයට පත්කර ඇති අතර පොලිසියේ සියලුම නිලයන්ට අයත් නිලධාරීන් විශේෂ රාජකාරී සදහා යොදවා ඇති බැවින් එම පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතා ඇත.

නැවත පරීක්ෂණ ආරම්භ කළ යුතු දිනය පසුව දැනුම්දීමට කටයුතු කරන බව ද පොලිස්පතිවරයා නිවේදනයක් මගින් දැනුම්දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *