පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ අපරාධ සිදුකළ පුද්ගලයින් 4 දෙනෙකු මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයින් ගැන සැක සිතූ ප්‍රදේශවාසීන් ඔවුන්ව රඳවාගෙන එලෙස පොලීසියට භාරදී ඇත.

අදාළ සැකකරුවන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන සහ එවැනි නීතිවිරෝධී කටයුතු සිදුකරන පුද්ගලයින් සොයා නිවෙස්වලට ගොස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බලහත්කාරයෙන් මුදල් ලබාගෙන ඇති බව අනාවණය වී තිබේ.

මොරගහහේන පොලිස් වසමේ වැල්මිල්ල සහ ඒ ආශ්‍රිත ස්ථාන කිහිපයකට එලෙස සැකකරුවන් ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරුවන් පිළියන්දල, ගල්කිස්ස, කටුබැද්ද සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *