Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පොලිස් කණ්ඩායම් නිදහස් පෙළපාළියෙන් ඉවත්වෙයි?

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

හැත්තෑහය වැනි  නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් කර ගැනීමට ඊයේ (31) පෙරවරුවේ කටයුතු කර ඇතැයි වාර්තාවේ.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකම ඊයේ පෙරවරුවේ පැවති අවසන් පුහුණු සැසියෙන් ඉවත් වූ බවත් පොලිස් අශ්වාරෝහක කණ්ඩායම පෙළපාලියේ ඉවත් කිරීමේ සිද්ධියක් මෙයට හේතු වී ඇති බවත් වාර්තාවේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

ඔබේ අදහස