අපරාධ හා විවිධ ගැටලුකාරී තත්ත්වයන් ක්ෂණිකව පොලිස්පතිවරයාට දැනුම්දීම සදහා නව වට්ස්ඇප් අංකයක් හදුන්වාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අදහසකට අනුව 0718 598 888 යන වට්ස්ඇප් අංකය හදුන්වාදී ඇත.
මෙම වට්ස්ඇප් අංකය ඔස්සේ රූපරාමු, වීඩියෝ, කෙටි පණිවුඩ ඇතුළු අපරාධමය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබාදය හැකිය.
එමගින් මහජනතාවට මෙන්ම පොලිස් නිලධාරීන්ට ද කිසියම් ගැටලුවක් පවතින අවස්ථාවලදී තොරතුරු දැනුම් දිය හැකිය.
එම වට්ස්ඇප් අංකය ඔස්සේ දුරකතන ඇමතුම් ලබාගත නොහැකි බව පොලිස් මූලස්ථානය කියයි.


